ජාතික නිවාස ප්‍රතිපත්තියට අනුකූලව වයඹ පළාතේ නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රය සංවර්ධනය කිරිමෙහිලා යෝග්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම,මුල්‍ය පහසුකම් සැපයීම සහ ගෙහිමියන්ගේ හා කුලී නිවැසියන්ගේ අයිතීන් සුරක්ෂිත කරදීම තුළින් නිවාස හිමි සමාජයක් වයඹට දායාද කිරීම.
ජාතික මට්ටමින් රැස්කරගෙන ඇති සංඛ්‍යා දත්ත හා තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාවේ 2007 දී මුළු නිවාස ප්‍රමාණය මිලියන 4.5 කි. 2012 දී එම අගය මිලියන 5 කි. වර්ධන අනුපාතය 5 % කි. 2016 වනවිට නව නිවාස අවශ්‍යතාවය ලක්ෂ 06 කි.
වයඹ පළාත සම්බන්ධයෙන් රැස්කරගෙන ඇති සංඛ්‍යා,දත්ත හා තොරතුරු වලට අනුව වයඹ පළාත තුල වාසය කිරීම සඳහා නිවාස නොමැති ජනගහනය පවුල් වශයෙන් ගත්විට 62,303 කි.දිස්ත්‍රික්ක වශයෙන් ගත්විට කුරුණෑගල 34,844 කි.පුත්තලම 27,459 කි.ප්‍රතිශතයක් ලෙස ගත්විට එය පිළිවෙලින් 56% සහ 44% ක් වේ.ඒ සියලු දෙනාගේ නිවාස අවශ්‍යතා සපුරාදීමේ වගකීම විෂය භාර අමාත්‍යාංශය යටතේ මෙම දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. (තොරතුරු මූලාශ්‍රය- ජනලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය)
සැමට නිවසක අයිතිය ලබාදීමේ මහින්ද චින්තන ජාතික ප්‍රතිපත්තියට අනුකුලව යමින් පළාතේ නිවාස අවශ්‍යතා සපුරාදිම උදෙසා සංවර්ධන ව්‍යාපෘති කීපයක් ක්‍රියාවට නගා ඇත.
නිවාස ආධාර ව්‍යාපෘති(වයඹ සරණ )
නිවාස ණය ව්‍යෘපෘතී(වයඹ දිරිය)
ව්‍යවස්ථාපිත කටයුතු
ගුරු ගම්මාන සහ මධ්‍යම පාන්තික නිවාසයෝජනා කුමය
හුදකලා ගම්මාන නගා සිටුවීමේ ව්‍යාපෘති ඉන් ප්‍රධාන වේ
පළාත් සභාව තුල නිවාස සහ ඉදිකිරීම් විෂය ක්‍රියාත්මක කිරීම සඳහා වූ නෛතික බලය
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නව වන උප ලේඛනයේ 1 වන (පළාත් සභා) ලැයිස්තුව
5:1ආධාර දෙනු ලබන අත්කම් නිවාස ව්‍යාපාති නිවාස ණය සහ ගොඩනැගිලි උපකරණ සැපයීම ඇතුළුව (ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති නොවන) පළාත් බද නිවාස සංවර්ධන වැඩ සටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය අධීක්ෂණය සහ පසු විපරම
5:2 කුළී නිවැසියන් ආරක්ෂා කිරීමේ පනත සහ ගෙවල් කුළී පනත පළාතක් ඇතුලත ක්‍රියාත්මක කිරීම
5:3 මේ ලැයිස්තුවේ දක්වා ඇති විෂයන් හා සම්බන්ධ ඉදිකිරීම් කටයුතු
1972 අංක 07 දරණ ගෙවල් කුළී පනත.
2012 අංක 04 දරණ නිවාස සහ ඉදිකිරිම් ප්‍රඥප්තිය
නවවන උපලේඛණයේ 03 වන ලැයිස්තුව ( සමගාමී ලැයිස්තුව )
05.ජාතික නිවාස සහ ඉදිකිරීම් :- නාගරික සංවර්ධන ප්‍රදේශවල ආර්ථික සමාජමය සහ භෞතික සංවර්ධනය පිළිබඳ ඒකාබද්ධ ක්‍රම සැලසුම් ප්‍රවර්ධනය කිරීම සහ එකී සැලසුම් ක්‍රියාත්මක කිරීම.
ව්‍යවස්ථාපිත කටයුතු (අධිකරණ / සමාලෝචන මණ්ඩල/ගෙවල්කුලී මණ්ඩල)
නිවාස ආධාර ව්‍යාපෘති
නිවාස ණය ව්‍යාපෘති
මධ්‍යම පාන්තික / අඩු ආදායම්ලාභී නිවාස යෝජනා ක්‍රම
ගුරු සවිය නිවාස යෝජනා ක්‍රමය
විශේෂ ව්‍යාපෘති (පාත්‍රාගල ජනපදය සංවර්ධනය කිරීම)
037-2224879 / 037-2233848
පළාත් නිවාස ඉදිකිරීම් දෙපාර්තමේන්තුව,
පළාත් සභා සංකීර්ණය,
කුරුණෑගල